77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල - 2025

77 වන නිදහස් දින සැමරුම් උළෙල නිමිත්තෙන් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවට මල්දම් පැළඳවීම බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා හා කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 පෙබරවාරි මස 04 වන දින නිදහස් වතුරශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී. එස්. සේනානායක පිළිරුව අබියස දී  සිදු කෙරුණි.

මෙම උත්සවයට හිටපු අමාත්‍ය ගරු කරු ජයසූරිය මැතිතුමා,රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ නිලධාරීන්, කොළඹ මහා නගර සභාවේ නිලධාරින් සහ ඩී. එස්. සේනානායක පදනමේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගි වුහ.