රාජ්‍ය සේවයේ බඳවාගැනීම් සමාලෝචනය කිරීම පිළිබඳ පුහුණු වැඩස‍ටහන

කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සියළුම අධ්‍යක්ෂවරුන්, පරිපාලන කටයුතු සිදු කරන නියෝජ්‍ය ප්‍රධානීන් හා පරිපාලන නිලධාරීන් සඳහා රාජ්‍ය සේවයේ බඳවාගැනීම් සමාලෝචනය කිරීම පිළිබඳ පුහුණු වැඩස‍ටහනක් 2025.01.31 දින පෙ.ව 09.00 සිට ප.ව. 02.00 දක්වා කාලය තුළ නව ශ්‍රවණාගාරයේ පැවැත්වූ අතර, ඒ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති සමාලෝචන කාර්යයන්හි නිරත වන විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්.ආර්.ඒ.පී. රණසිංහ මහතා සම්පත්දායකත්වය ලබා දෙන ලදි.