අල්ලස් හෝ දූෂණ වැළැක්වීම පිළිබඳ පුහුණු වැඩසටහන

ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක “පිරිසිදු ර්‍ශ්‍ර ලංකාවක්” සමාරම්භක වැඩසටහනට සමගාමීව කොළඹ මහා නගර සභාවේ සි‍‍යළුම දෙපාර්තමේන්තු හා අංශ ආවරණය වන පරිදි දෙපාර්තමේන්තු ප්‍රධානීන්, නියෝජ්‍යය ප්‍රධානීන්, අංශ ප්‍රධානීන්, මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරීන්ද ඇතුළු විධායක නිලධාරීන් මෙන්ම  ප්‍රාථමික ගනවල සේවයකයින්ද ඇතුළුව 160 දෙනෙකු සඳහා 2025.02.08 දින පෙ.ව 09.00 සිට ප.ව. 12.00 දක්වා අල්ලස් හෝ දූෂණ වැළැක්වීම පිළිබඳ පුහුණු වැඩසටහනක් නව ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. ඒ වෙනුවෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ දුෂන මර්ධන නිලධාරි, ශිලාමේඝ වැලිතොටගේ මහතා සම්පත්දායකත්වය දරන ලදි.