මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තු විසින් සංවිධානය කරන ලද කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ “ වෘත්තිය ගුණාත්මකභාවය ඉහළ නංවීම හා ආකල්පමය වර්ධනය ” පිළිබඳ පුහුණූ වැඩසටහන -II අදියර 2025.02.19 හා 2025.02.20 යන දෙදින තුල ගිනි නිවීම් සේවා මුලස්ථාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදි. ඒ සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පුහුණු කිරීම් අංශය භාරව කටයුතු කරන ලද විශ්‍රාමික නිලධාරි නෙවිල් පී. හරස්චන්ද්‍ර මහතා සම්පත්දායකත්වය ලබා දුන් අතර, ගිනි නිවීම් සේවා නිලධාරින් 60 දෙනෙකු පමණ සහභාගී විය.