රියැදුරු මහතුන් සඳහා රිය අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් පවත්වනු ලැබු කෙටි වැඩසටහන

මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද කොළඹ මහා නගර සභාවේ රියැදුරු මහතුන් සඳහා ‍ රිය අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා  කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, සුරාජ් අබේසේකර මහතාගේ සම්පත්දායකත්වය යටතේ කෙටි පුහුණු වැඩසටහනක් 2025.02.27 දින සහශ්‍ර මධ්‍යස්ථාන  ශ්‍රවණාගාරයේ  සංවිධානය කරන ලදි.මේ සඳහා සියළුම දෙපාර්තමේන්තු හා අංශ නියෝජනය කරමින් රියැදුරු  මහතුන් 80 දෙනෙකු පමණ සහභාගි විය.