අක්ෂි හා වෛද්‍ය සායනය

නාගරික කොමසාරිස්තුමාගේ මග පෙන්වීම අනුව පුණ්‍ය කොමසාරිස්තුමියගේ උපදෙස් පරිදි උතුරු කොළඹ මහජන ආධාරලාභීන් වෙනුවෙන් සංවිධානය කළ අක්ෂි හා වෛද්‍ය සායනය හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනයේ අනුග්‍රහයෙන්  2025 මාර්තු මස 03 දින මෝදර, බොනවිස්ටා බහු කාර්යය මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී.
 
මෙයට සහභාගි වූ මහජන ආධාරලාභී 75 දෙනාගෙන්,  වෛද්‍ය නිර්දේශ අනුව 60% සඳහා ඇස්කණනාඩි ලබා දීමටත් 18% අක්ෂි කාච ශල්‍යකර්ම සිදු කිරීමටත් තීරණය වූ අතර හඳුනා ගත් අවදානම් සහිත රෝගීන්  6%කට රෝහල්ගතවීමට උපදෙස් ලබා දෙන ලදී .ඉදිරියේදී කොළඹ නාගරික සීමාවම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, විශේෂඥ වෛද්‍ය සේවය ඇතුලු සියලු  සේවා හා ඇස්කණනාඩි ද නොමිලයේ ලබා දෙන මෙම වැඩ සටහන ප්‍රජාව වෙත ලබා දුන්   විධායක අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ බණ්ඩාර මහත්මාට සහ  හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනයට කෘතවේදීත්වය පළ කරමු.