ජාතීන් අතර සහජීවනය ප්‍රවර්ධන කිරීම සඳහා නගර සභාවේ සියලු ජාතීන් සහභාගී වූ උපවාස පවාරණ වැඩසටහන - 2025

මුස්ලිම් බැතිමතුන් සඳහා රාමලාන් උපවාස මාසය සංකේතවත් කිරීම සඳහා කොළඹ මහා නගර සභාව විසින් සංවිධානය කරන ලද ඉෆ්තාර් (උපවාසය පවාරණ) වැඩසටහන 2025.03.25 වන දින සවස 5.00ට කොළඹ මහා නගර සභා ශාලාවේදී පැවැත්විණි.

මෙම උත්සවය බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙම උත්සවය සඳහා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රිස්වි සාලි මැතිතුමා, හිටපු පුරපති A.H.M. ෆවුසි මහතා, කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා ඇතුළු සියළුම දෙපාර්තමේන්තු/ අංශ ප්‍රධානීන් හා නිලධාරීන්, ගරු ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය, ඉස්ලාම් සමාජයේ සාමාජිකයින්, කොළඹ මහා නගර සභාවේ විශ්‍රාමික නිලධාරීන්, දවටගහ මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය සහ පරිත්‍යාගශීලීන් සහභාගී විය.