Bridal Expo - 2025

කොළඹ මහා නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍ය හා කේශාලංකරණ වෘත්තීය පුහුණු පාඨමාලා 2024 වසරෙහි සාර්ථකව පුහුණු හදාරා අවසන් කරන ලද පුහුණුලාභීන් විසින් අභිමානවත්ව ඉදිරිපත් කළ " Bridal Expo - 2025 " නව නගර ශාලාවේහිදී 2025 මාර්තු මස 07 වන දින පෙ.ව. 11.00ට අති උත්කර්ෂවත්ව පවත්වන ලදී.

නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන්, පුණ්‍ය කොමසාරිස් ශශිනී ජයනෙන්ති මහත්මියගේ අධීක්ෂණයෙන් හා මහජන ආධාර දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයෙහි දායකත්වයෙන් ඉහල සාධනීය මට්ටමෙන් විචිත්‍රවත්ව පවත්වන ලදී.

එහිදී ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පි  සුවීනීතා කොතලාවල මහත්මිය, සමස්ත ලංකා ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පි සංගමයේ සභාපති, සැලෝන් හැඩකරණ ප්‍රයිවට් ලිමිටඩ් විධායක අධ්‍යක්ෂ ගීතප්‍රිය සමරසිංහ මහතා හා NVQ විභාග ඇගයීම් නිලධාරී රසිකා වික්‍රමනායක මහත්මිය විනිශ්චයෙන් සහයෝගය දක්වන ලදී.