ස්වායු ව්‍යායාම වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සහ සේවක මහත්ම මහත්මීන්ගේ කායික සහ මානයික සුවතාවය නංවාලීම අරමුණු කරගනිමින්, කොළඹ මහා නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ස්වායු ව්‍යායාම වැඩසටහන 2025.05.23 වන දින ප.ව 5.00 සිට ප.ව 6.00 දක්වා කොළඹ මහා නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩසටහනට නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා, අධ්‍යක්ෂ (ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව) සහ අනෙකුත් දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන් සහ නගර සභාවේ නිලධාරීන් සහභාගී විය.

මේ වැඩසටහන සෑම සිකුරාදා දිනකම නගර සභා පරිශ්‍රය තුළ ප.ව 5.00 සිට ප.ව 6.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.