ගැටුම් කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන
කොළඹ මහා නගර සභාවේ සේවයේ නියුතු සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්/ අධ්‍යක්ෂ ඉංජිනේරුවන් / ප්‍රධාන දිස්ත්‍රික් ඉංජිනේරුවන් / ගණකාධිකාරිවරුන් ඇතුළු තෝරාගත් නිලධාරින් 120 ක පමණ කණ්ඩායමක් සඳහා ගැටුම් කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද උක්ත පුහුණු වැඩසටහන,නීතීඥ මාලික අමරසේකර මහතාගේ සම්පත්දායකත්වයෙන් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, එස්.එම්.ආර්.නදීකා දමයන්ති මහත්මියගේ සම්බන්ධීකරණයෙන් 2025.08.19 වන දින පෙ.ව 8.30 සිට ප.ව 12.30 දක්වා සපිරි පියස ශ්‍රවනාගාරයේදී සාර්ථකව පවත්වන ලදි.
විවිධ දේශපාලන කණ්ඩායම්,රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයතන වල නිලධාරීන් ඇතුළු සමාජයේ නොයෙක් ස්ථර වල පුද්ගලයින් සමඟ ගනුදෙනු කිරීමේදී මුහුණ පානු ලබන අභියෝග පිළිබඳව විශේෂ අවධානය යොමු කර සංවිධානය කල මෙම පුහුණු සැසිය නිලධාරීන්ගේ ඉහළ පැසසුම් සමඟින් නිමාව දකින ලදි.