සුනිසි මෙවෙර - 2025
කොළඹ මහා නගර සභාව දෛනිකව මිලියන 1.2 කට ආසන්න ජනතාවකට සේවා සපයන අතර , මෙහිදී සෘජුවම ක්ෂේත්‍රයේ රාජකාරි වල නිරත වන ප්‍රාථමික සේවා ගනයේ සේවක මහත්ම/මහත්මීන් සඳහා සිය සේවය කිරීමේදී සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීම, අනතුරු සහ රෝග වලින් වැලකී කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීමේ හැකියාව හා වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීම සඳහා සුනිසි මෙවෙර නමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවක ,කොළඹ මහා නගර සභාවේ පළමු වැඩසටහන 2025.08.29 දින පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් කොළඹ මහා නගර සභාවේ සපිරි පියස නව ශ්‍රවණාගරයෙදී පවත්වන ලදී.
කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහනට කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තිය ස්වස්ථතා අංශයේ කම්කරු කොමසාරිස්, වී.කේ පිීරිස් මහතා, ඡ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ඔ.සී. දිල්රුක්ෂි මහත්මිය, සහ කොළඹ මහා නගර සභාවේ වෛද්‍ය ඩි.ඒ අධිකාරි වත්තගේ මහතාගේ සහභාගීත්වයෙන් අධ්‍යක්ෂ (මානව සම්පත් සංවර්ධන) එස්.එම්.ආර් නදීකා දමයන්ති මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ සාර්ථකව අවසන් කරන ලදී.