කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂ (මානව සම්පත් සංවර්ධන) නදීකා දමයන්ති මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ මහා නගර සභාවක ප්‍රශ්න හා කරුණු තීරණය කිරීම හා සදාචාරාත්මක ව්‍යාපාර පරිසරයක් තුල සුරක්ෂිත පාරිභෝගිකයෙකු බිහි කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගරු බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ගාමිණී ගුණසේකර මහතාගේ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ යූ.කේ.නානායක්කාර මහතාගේ සම්පත්දායකත්වය යටතේ 2025.09.26 දින පෙ.ව.9.00 සිට ප.ව.02.00 දක්වා සපිරි පියස ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මේ සඳහා කොළඹ මහා නගර සභාවේ නාගරික සභිකවරුන්/වරියන්,ස්ථාවර කමිටු ලේකම්වරු ඇතුළු 125 දෙනෙකු පමණ සහභාගී වූ අතර මහා නගර සභාවක ප්‍රශ්න හා කරුණු තීරණය කිරීම හා පාරිභෝගික සුරක්ෂිතභාවය පිළිබඳ මනා දැනුවත් කිරීමක් තුලින් මෙම වැඩසටහන ඉතා සාර්ථකව නිමාව දකින ලදි.













