"ඔසුවන් පැලයක් - ඔසුවන් දරුවන් " පාසැල් ඔසු උසන් ව්‍යාපෘතිය යටතේ, ජාතික ඔසු වගා ව්‍යාපෘතිය සමග සමගාමීව ඔසු- බෝග පැල සිටුවීමේ කාර්ය, කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිනිය, නියෝජ්‍ය නගරාධිපති සහ නාගරික කොමසාරිස්තුමන්ගේ මුලිකත්වයෙන් උතුරු කොළඹ මෝදර ඩිලාසාල් ප්‍රාථමික විද්‍යාලයේ දී සිදු කරන ලදී.
මෙම ඔසු බෝග වගා නියමු පාසලේ ඔසු උයනක් ආරම්භ කිරීමද එම පාසලේම ඉගෙන ගත් කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් 2025.11.06 වන දින සිදු කරන ලදී.
මෙම කර්තව්‍යයේ සියලුම සංවිධාන කටයුතු කොළඹ මහා නගර සභාවේ ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදී.











