පෙරපාසල් 12 හි වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය

කොළඹ මහා නගර සභාවෙහි මහජන ආධාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන පෙරපාසල් 12 හි වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2025.11.19 වන දින ටවර් හෝල් රඟහලෙහිදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු නගරාධිපතිතුමිය, ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය සහභාහි වු අතර මුල් ළමාවිය සංවර්ධන ස්ථාවර කමිටු සභාපතිනි ගරු නාගරික මන්ත්‍රී ගයාත්‍රි වික්‍රමසිංහ මෙනෙවිය ඇතුළු ගරු නාගරික මන්ත්‍රීවරුන් ද, නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද මෙම උත්සවය සඳහා සහභාහි විය.

කුඩා දු පුතුන්ගේ නිර්මාණ එළි දක්වන ලද මෙහිදී පළමු වසරට පා නගන සියලු දු දරුවන් සඳහා ත්‍යාග සහ සහතිකපත්‍ර ලබා දීම සිදු කෙරුණි.

මේ සඳහා මහජන ආධාර දෙපාර්තමේන්තුවේ පුණ්‍ය කොමසාරිස් ශශිනි ජයනෙන්ති මහත්මිය ප්‍රධාන සියලු කාර්යමණ්ඩයත් , සියලුම පෙරපාසල් ගුරුවරියනුත් මෙම උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා සංවිධාන කටයුතු සිදු කරන ලදී.