"විදුලියෙන් ආරක්ෂා වී වැඩකරමු"
“තාක්ෂණික ශිල්පීය දැනුම වැඩිදියුණු කිරීම සඳහා එම ශිල්පයට අදාල වු ජාත්‍යන්තර ප්‍රමිතීන් හා නිර්ණායක උපයෝගී කරගැනීම අත්යන්තයෙන්ම සිදුකර යුතු කරුණකි. එකී කරුණ මනා නිපුණතාවයකින් හෙබි තාක්ෂණික ශිල්පියෙකු බිහිවීම සඳහාද අනුලෝමව සම්බන්ධිත වේ.”
කොළඹ මහා නගර සභාවේ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ විදුලි කාර්මික ක්ෂේත්‍රයේ රාජකාරී කටයුතු සිදුකරන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද මෙම විදුලි කාර්මික ප්‍රායෝගික පුහුණු වැඩසටහන කැළණි කේබල්ස් පුද්ගලික සමාගමේ පුර්ණ සම්පත්දායකත්වය යටතේ මාදම්පිටිය කාර්මික පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී 2025.11.06 දින පෙ.ව 10.00 සිට ප.ව 4 .00 දක්වා පවත්වන ලදී .
මෙහිදී විදුලි කාර්මික ක්ෂේත්‍රයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවිය යුතු ආරක්ෂාකාරී ක්‍රමවේද, සරල හා ප්‍රත්‍යාවර්ත ධාරා ජනනය වන ආකාරය, ප්‍රධාන බලාගාරවල විදුලිය ජනනය කරගැනීම, මල්ටිමීටරය ඇතුලු අනෙකුත් ප්‍රධාන විද්‍යුත් උපකරණ භාවිතාකර ප්‍රායෝගික පරීක්ෂණ සිදුකරගැනීම පිලිබඳව දැනුවත් කරන ලද අතර,
මෙම වැඩසටහන කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ නිබඳ මඟපෙන්වීම හා මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නදීකා දමයන්ති මහත්මීය හා කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණය යටතේ සාර්ථකව අවසන් වන ලදී .
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)