'CMC Apparel' නව මැහුම් මධ්‍යස්ථානය ආරම්භ කිරීම

කොළඹ මහා නගර සභාවෙහි ගරු නගරාධිපතිතුමිය හා ගරු නාගරික මන්ත්‍රීවරුන්ගේ හා මන්ත්‍රීවරියන්ගේ ප්‍රධානත්වයෙන් හා සහභාගිත්වයෙන් 2026/01/08 වන දින පෙ.ව 10.00 ට මෝදර රජමල්වත්ත මැහුම් මධ්‍යස්ථානයෙහි ඉහල මහලෙහි 'CMC Apparel' නමින් නව මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදී.

නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ අනුශාසකත්වයෙන් පුණ්‍ය කොමසාරිස් ශශිනි  ජයනෙත්ති  මහත්මිය හා මහජන ආධාර දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවන ලදී.

මැහුම් වෘත්තිය පුහුණුව වසරක කාලයක් සාර්ථකව හදාරා අවසන් කරන ලද සිසුවියන් මෙම නව ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා ලදී.