තෛපොංගල් උත්සව සැමරුම 2026

කොළඹ මහා නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද තෛපොංගල් උත්සවය 2026 ජනවාරි මස 16 වන දින රෝග නිවාරණ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ගරු නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මැතිණිය, ගරු නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර මැතිතුමා, ගරු නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මැතිතුමා සහ දෙපාර්තමේන්තු ප්‍රධානී වෛද්‍ය එස්.ගනේෂ් මැතිතුමාගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී.

තෛපොංගල් යනු දෙමළ ජනතාව විසින් උත්කර්ෂවත් ලෙස සමරනු ලබන ඉතා වැදගත් උත්සවයකි. දෙමළ මාසයේ (තෛ - ජනවාරි) ආරම්භයේ දී සමරනු ලබන මෙය අස්වැන්න නෙළන සමයේ අවසානය සනිටුහන් කරන අතර එය හිරු දෙවියන් (සූරියන්), ගොවීන්, ගවයන් සහ සොබාදහමට හෘදයාංගම ස්තූතිය පළ කරයි. එසේම උතුරා යන තෙක් පොංගල් පිසීමේ ක්‍රියාව තුලින් සශ්‍රීකත්වය, සමෘද්ධිය, සතුට, කෘතඥතාව මෙන්ම එකමුතුකම සහ බලාපොරොත්තුව අර්ථවත් කරයි.