“ඉන්වෙන්ට්‍රි කළමනාකරණය, සත්‍යාපනය හා අපහරණ ක්‍රියාවලිය” පිළිබඳ පුහුණු වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තු/ අංශ හා දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන්, පරිපාලන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්,සංවර්ධන නිලධාරීන්,වැඩ ක්ෂේත්‍ර පරිපාලක හා කාර්යාල සේවක සේවයේ මහත්ම මහත්මීන් ඇතුළු සියළුම නිලධාරීන් අතුරින් තෝරාගත් කණ්ඩායමක් සඳහා “ඉන්වෙන්ට්‍රි කළමනාකරණය, සත්‍යාපනය හා අපහරණ ක්‍රියාවලිය” පිළිබඳ පුහුණු වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදි.

මෙම පුහුණු වැඩසටහන 2026.03.12 වන දින පෙ.ව 08.30 සිට ප.ව 04.15 දක්වා කොළඹ මහා නගර සභාවට අයත් සපිරි පියස ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අතර 80 ක පමණ නිලධාරී හා සේවක මහත්ම මහත්මීන් පිරිසක් පුහුණු වැඩසටහන හා සම්බන්ධ විය. විවිධ භාණ්ඩ සමීක්ෂණ වර්ග හැඳින්වීම,ඉන්වෙන්ට්‍රි කළමනාකරණයේ කාර්යභාරය, පොත් පත්, ලේඛන සහ ආකෘති පත්‍ර වර්ග,වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම, වත්කම් අපහරණය කිරීම සහ මෑත කාලීන වෙනස්වීම්,ඉන්වෙන්ට්‍රි කළමනාකරණය සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රතිපාදන සහ  චක්‍රලේඛ පිළිබඳව මෙම පුහුණු වැඩසටහනේදී දැනුවත් කරන ලදි.

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්, පාලිත නානායක්කාර මහතාගේ නිබඳ මඟපෙන්වීම වැඩසටහන කෙරෙහි ලද අතර මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නදීකා දමයන්ති මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය මඟින් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය පළාත් පාලන අමාත්‍යංශය(බ.ප) හි ගණකාධිකාරී, එස්.පී.පර්සි කුලවංශ මහතා විසින් සපයන ලදි.