කොළඹ නගර සභාවේ සේවයේ නියුතු සියළුම ආරක්ෂක නිලධාරින් හට ඔවුන්ගේ කාර්යභාරය ,යුතුකම් හා වගකිම් පිලිබඳ අවබෝධය ලබාදීම මුලික අරමුණු කරගනිමින් “කීර්තිමත් ආරක්ෂක සේවාවක් සදහා අවශ්‍ය මුලික කරුණු හා වගකීම්” පිලිබඳ අවධානය යොමුකරමින් තම සේවයේ ගුණාත්මකභාවය මෙන්ම සතිමත්භාවය පවත්වා ගනිමින් නිපුණතාවයන් වර්ධනය කරගැනීම පිළිබද නැඹුරුවක් ඇති කිරීම අරමුණු කරගෙන පුහුණු වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී.
මෙම පුහුණු වැඩසටහන 2026.05.09 වන දින පෙ.ව 8.30 සිට ප.ව 04.15 දක්වා කණ්ඩායම් දෙකක් වශයෙන් කොළඹ නගර සභාවට අයත් සපිරි පියස ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර 85 කට ආසන්න ආරක්ෂක නිලධාරින් එකමුතුවක් මහත් උද්යෝගයෙන් මෙම වැඩසටහනට යොමුවිය .
මෙහිදී මුලික වශයෙන් ධෛර්යය හා විනය , මානසික ශක්තිය සහ ආතතිය පාලනය කිරීම , නායකත්ව කුසලතා ,තීරණ වලට එළැඹිම ,ආත්ම අහිමානය ,ශාරීරික හා මානසික සුවතාව මෙන්ම සේවය පිළිබඳ කැපවීම හා වගවීම යන කරුණු පිළිබඳව ආරක්ෂක නිලධාරින් හට මුලික අවබෝධය ලබාදීම සිදුකරන ලද අතර කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ නිබඳ මඟපෙන්වීම හා සහභාගීත්වයෙන්ද කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන කමිටුවේ සභාපතිතුමාගේ සහභාගීත්වයෙන්ද මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, නදීකා දමයන්ති මහත්මීයගේ මෙහෙයවීම හා සම්බන්ධිකරණය මඟින්ද මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන්ද වැඩසටහන හැඩ වු අතර මෙහි සම්පත්දායකත්වය ශ්‍රි ලංකා පදනම් ආයතනයේ අධ්යක්ෂ (අධ්‍යන කටයුතු ) ආචාර්ය සමන් වීරවංශ මහතා විසින් සපයන ලදී.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)