“සයිබර් අපරාධ වලින් වැලකි අන්තර්ජාලය නිවැරදිව භාවිතා කිරීම ” පිළිබඳ පුහුණු වැඩසටහන

කොළඹ නගර සභාවේ සේවයේ නියුතු  දෙපාර්තමේන්තු ප්‍රධානින්, පරිපාලන නිලධාරීන් , තාක්ෂණ නිලධාරින් ,සංවර්ධන නිලධාරින්, කළමනාකරණ සේවා නිලධාරින්  හා වැඩ ක්ෂේත්‍ර නිලධාරීන් සදහා අන්තර්ජාලය නිවැරදිව භාවිතා කිරීම පිළිබඳ දැනුම වර්ධනය කිරීම  මුලික අරමුණු කරගනිමින්  පුහුණු වැඩසටහනක් කොළඹ  මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන  දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී.

මෙම පුහුණු වැඩසටහන 2026.05.19  වන දින  පෙ.ව 9.30 සිට ප.ව 12 .30  දක්වා  කොළඹ නගර සභාවට අයත් සපිරි පියස ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර 150  කට ආසන්න  නිලධාරින්  එකමුතුවක් මහත් උද්යෝගයෙන් මෙම වැඩසටහනට යොමුවිය .

මෙහිදී මුලික වශයෙන්  සයිබර් අපරාධ හැදින්වීම, අන්තර්ජාල ආරක්ෂාව, Email හා  Social Media නිවැරදිව භාවිතා කිරීම , පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම , වංචා හදුනාගැනීම  හා  Cyber ethics යන  කරුණු  පිළිබඳව නිලධාරින් හට මුලික  අවබෝධය ලබාදීම සිදුකරන ලද අතර කොළඹ නගර සභාවේ  නාගරික කොමසාරිස් ඒ .ඩී .එස් .රෝහණ  මහතාගේ  නිබඳ  මඟපෙන්වීම හා සහභාගීත්වයෙන්ද මානව සම්පත් සංවර්ධන  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නදීකා  දමයන්ති මහත්මීයගේ මෙහෙයවීම හා සම්බන්ධිකරණය මඟින්ද   මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ  සංවිධාන ශක්තියෙන්ද  වැඩසටහන හැඩ වු අතර මෙහි සම්පත්දායකත්වය අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක ඉෂාර ගයාශ්‍රී  මහතා විසින් සපයන ලදී.