කොළඹ මගා නගර සභාවේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන බුද්ධාභිවන්දනා වෙසක් කලාපයට සමගාමිව පවත්වනු ලැබු වෙසක් ධර්ම දේශනය 2026 මැයි මස 27 වන දින පෙ.ව 10.00 සිට 11.30 දක්වා පුරහල පරිශ්‍රයේ පිහිටි නාගරික මන්ත්‍රී ශාලා පරිශ්‍රය තුළ දී පැවැත්විණි.
මෙම උත්සවය එංගලන්තයේ ලෙස්ටන් ධර්මාශෝක විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජ්‍ය විහාරගල කුසල ස්වාමීන් වහන්සේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
කොළඹ ගරු නගරාධිපතිතුමිය ව්‍රායි කැලී බල්තසාර් මැතිණිය, ගරු නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මැතිතුමාගේ හා ගරු නාගරික මන්ත්‍රීවරුන්ගේ,මන්ත්‍රීවරියන්,නාගරික කොමසාරිස් ඒ.ඩී.එස්. රෝහණ මහතා, අනෙකුත් දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන් සහ නගර සභාවේ නිලධාරීන්, බෞද්ධ සංගමයේ සාමාජිකයන් ඇතුළු කාර්ය මණ්ධලය සහභාගී විය.









