ධාරිතා සංවර්ධන (Capacity Development) පුහුණු වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනිභට නිලධාරීන් අතුරින් තෝරාගත් කණ්ඩායමක් සඳහා ධාරිතා සංවර්ධන (Capacity Development) පුහුණු වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදි.

මෙම පුහුණු වැඩසටහන 2026.06.02 වන දින පෙ.ව 08.30 සිට ප.ව 04.15 දක්වා කොළඹ මහා නගර සභාවට අයත් සහස්‍ර මධස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අතර 40 ක පමණ නිලධාරීන් පිරිසක් මහත් උද්යෝගයෙන් මෙම වැඩසටහනට යොමු විය. එම නිලධාරීන්ගේ වෘත්තීය මෙන්ම පෞද්ගලික ජීවිතයේ සංවර්ධනය සඳහා සම්පත්දායක මහතාගේ විෂය දැනුම මෙන්ම අත්දැකීම්ද බෙහෙවින් ඉවහල් විය.

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්, ඒ.ඩී.එස්.රෝහණ මහතාගේ නිබඳ මඟපෙන්වීම වැඩසටහන කෙරෙහි ලද අතර මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නදීකා දමයන්ති මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය මඟින් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන් පැවැත්වූ මෙම වැඩසටහනෙහි සම්පත්දායකත්වය විශ්‍රාමික මේජර් ඩබ්.ජේ.එම්.ධම්මික නවරත්න මහතා විසින් සපයන ලදි.