2026 ජුනි 05 වන දින ජගත් පරිසර දිනයට සමගාමීව ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කර ඇති පරිසර චක්‍රලේඛ අංක PS/FEA/circular/4/2026 හි උපදෙස් පරිදි, “දේශගුණික වෙනස්වීම් හමුවේ හරිත සේවා පරිසරයක්” යන තේමාව යටතේ දේශගුණික වෙනස්වීම් හේතුවෙන් පරිසරයට, ජන ජීවිතයට සහ සේවා කාර්යක්ෂමතාවයට ඇතිවන බලපෑම් සැලකිල්ලට ගනිමින්, එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතනයක් ලෙස පිළිපැදිය යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී.
එසේම, ආයතනික මට්ටමින් බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර හිතකාමී සේවා පුරුදු ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවලට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන ලදී.
2026 ජූනි 12 දින පෙ.ව. 10.00 සිට ප.ව. 12.30 දක්වා සපිරි පියස නව ශ්‍රවණාගාරයේදී පැවති මෙම වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්යක්ෂ ශකීලා සෙනරත් බණ්ඩාර මහත්මිය සම්පත්දායකත්වය ලබා දුන් අතර, කොළඹ මහා නගර සභාවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ඉන්ජිනේරුවරුන්, වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එය සාර්ථකව පැවැත්වු අතර, කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඒ.ඩී.එස්. රෝහණ මහතාගේ මඟපෙන්වීම සහ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස්.එම්.ආර්. නදීකා දමයන්ති මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය යටතේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විිසින් සංවිධානය කරන ලදී.





.jpg)




