සිත්සුව පුරවර දෙවන අධියර මට්ටක්කුලිය සෙන් මේරිස් උත්සව ශාලාවේදී 2026.07.02 දින පෙ.ව 9 සිට 4 තෙක් පැවැත්විණි. ගරු නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මැතිණිය ප්‍රධානත්වය දැරූ එම වැඩසටහන මෙවර උතුරු කොළඹ ක්ෂේත්‍ර නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලදී. සහන නිලධාරීන්,පොලිස් නිලධාරීන්,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ,සෞඛ්‍ය උපදේශක නිලධාරීන් ඒසදහා සහභාගි විය.
සිද්ධි අධ්‍යයන ඇසුරින් කාන්තාවන්ගේ ගැටලු සඳහා මනෝ උපදේශනාත්මකව මග පෙන්වන්නේ කෙසේදැයි මෙහිදී නිලධාරීන් දැනුවත් කරන ලදී. එම දැනුවත් කිරීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ හා කාන්තා පිහිට ආයතනයේ උපදේශන නිලධාරීන් විසින් සිදු කරන ලදී. එම අවස්ථාවට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්තා පතිරන මිය හා කාන්තා පිහිට ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශන නිලධාරි අනෝජා මාකවිට මිය සහභාගි විය.
තවද ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් උපදේශන නිලධාරීන් රැසක් සහභාගි විය.
ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තු වෛද්‍ය උදේශ් හේවාපතිරණ හා තිළිණ යන මහත්වරුන් විසින් යෝග අභ්‍යාස පවත්වමින් වැඩසටහන ආරම්භ වූ අතර උතුරු කොළඹ සමාජ හා අපරාධමය පසුබිම පැහැදිලි කිරීම,ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති දර්ශිකා කුමාරි මහත්මිය සිදු කරන ලදී. උතුරු කොළඹ ජන ජීවිතය හා නීතිමය ගැටලුකාරී ස්වභාවය පෙන්වාදීම කාන්තා පිහිට ආයතනයේ ප්‍රධාන නීති නිලධාරී ශානිකා විජේසිංහ මිය සිදු කරන ලදී.
වැඩසටහන ආරම්භයේදී නාට්‍යානුසාරයෙන් සිද්ධි ඉදිරිපත් කිරීම මහජන ආධාර දෙපාර්තමේන්තු නාට්‍ය කණ්ඩායම විසින් සිදු කරන ලදී.
වැඩසටහනට මියුරු ගීතාවලියක් එක්කරමින් සෞන්දර්යාත්මක රසවත් බවක් මහජන ආධාර දෙපාර්තමේන්තු සෞන්දර්ය ඒකකය විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය නිලධාරී, නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය( මාතෘ හා ළමා) සහභාගි වු අතර පුණ්‍ය කොමසාරිස් ශශිනි ජයනෙත්ති මහත්මිය ඇතුළු මහජන ආධාර දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.










