කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තු/ අංශ හා දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නියුතු දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අංශ ප්‍රධානීන් ඇතුළුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා “ඵලදායි සේවා සැපයීමක් සඳහා මානව හැසිරීම් පිළිබඳ” දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද අතර, ගරු නාගරික මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය ද මෙහිදී දක්නට ලැබිණි.
මෙම වැඩසටහන 2026.07.16 වන දින පෙ.ව 09.30 සිට පෙ.ව 11.30 දක්වා කොළඹ මහා නගර සභාවට අයත් සපිරි පියස ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අතර 40ක් පමණ නිලධාරීන් එකමුතුවක් මහත් උද්යෝගයෙන් මෙම වැඩසටහනට යොමු විය. කොළඹ මහා නගර සභාවේ විවිධ දෙපාර්තමේන්තු මඟින් ලබා දෙන සේවාවන් වල ඵලදායීතාවය වැඩි කිරීම සඳහා මානව හැසිරීම් ධනාත්මක පරිදි වෙනස් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී දැනුවත් කිරීම සිදු විය.
කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්, ඒ.ඩී.එස්.රෝහණ මහතාගේ නිබඳ මඟපෙන්වීම වැඩසටහන කෙරෙහි ලද අතර, ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතාගේ සම්බන්ධීකරණය මඟින් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, සප්තා ලැනරෝල් මහත්මියගේ මෙහෙයවීමත් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා විදේශීය සම්පත්දායකත්වය Ms. Ruth De Vere විසින් සපයන ලදි.


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)


.jpg)