කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තු/ අංශ හා දිස්ත්රික් කාර්යාලවල සේවයේ නියුතු සියළුම කාර්යය මණ්ඩලය අතුරින් තෝරාගත් කණ්ඩායමක් සඳහා “මූලික විමර්ශන” පිළිබඳ පුහුණු වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදි.
මෙම වැඩසටහන 2026.07.21 සහ 22 යන දිනයන්වල පෙ.ව. 08.30 සිට ප.ව. 04.15 දක්වා කොළඹ මහා නගර සභාවට අයත් සපිරි පියස ශ්රවනාගාරයේදී පැවැත්වුණු අතර 90 ක පමණ නිලධාරීන් පිරිසක් මෙම වැඩසටහනට සහභාගී විය.මූලික විමර්ශනයක අරමුණු, මූලික ප්රකාශ ලබා ගැනීම,මූලික විමර්ශන වාර්තාවක් පිළියෙල කරන ආකාරය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්, ඒ.ඩී.එස්.රෝහණ මහතාගේ නිබඳ මඟපෙන්වීම වැඩසටහන කෙරෙහි ලද අතර, මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සප්තා ලැනරෝල් මහත්මියගේ සම්බන්ධීකරණය හා මෙහෙයවීම හරහා මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් ක්රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා ශ්රී ලංකා පරිපාලන සේවයේ - I ශ්රේණිය (විශ්රාමික) නිලධාරිනී එම්.ඒ.එම්.රංජනී පෙරේරා මහත්මිය විසින් සම්පත්දායකත්වය සපයන ලදි.


















