ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ 2026 කැම්බල් අන්තර් නිවාස නෙට්බෝල් තරඟාවලිය

කොළඹ මහා නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ 2026 කැම්බල් අන්තර් නිවාස නෙට්බෝල් තරඟාවලිය 2026.07.01 හා 02 දින බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණයේ දී පැවත්වුණි. මේ සඳහා කැම්බල් ක්‍රීඩාභූමි නෙට්බෝල් ක්‍රීඩිකාවන් සහභාගි විය. ක්‍රීඩාවට අමතරව ඔහුන්ගේ කලා හැකියව මෙහිදී ප්‍රදර්ශනය විය.

ක්‍රීඩා හා විනෝදාංශ පිළිබඳ ස්ථාවර කමිටු සභාපති ගරු නාගරික මන්ත්‍රී සුනන්ද ලියනපතිරණ මහතාගේ සහ ගරු නාගරික මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් හා ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ - සප්තා ලැනරෝල් මහත්මියගේ මගපෙන්විම යටතේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරින් / ක්‍රීඩා උපදේශකයින්ගේ හා කාර්ය මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් මෙය සාර්ථකව සිදු කරන ලදී.