ක්රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ පාලනයට පවරාගත් බොරැල්ල කොටා පාර ළමා ක්රීඩාංගණය 2026.08.04 වන දින දරුවන්ට ක්රීඩා කිරීමට හැකිවන පරිදි පිරිසිදු කිරීම් සිදුකරන ලදී.
මේ සඳහා කොරියානු තරුණ කණ්ඩායමක් වන ASEZ TEAM ස්වෙචඡාවෙන් ඉදිරිපත් වු අතර නාගරික කොමසාරිස් ඒ.ඩී.එස්. රෝහණ මහතාගේ උපදේස් පරිදි ක්රීඩා අධ්යක්ෂ සප්තා ලැනරෝල් මහත්මියගේ මගපෙන්වීම යටතේ ජ්යෙෂ්ඨ ක්රීඩා නිලධාරී, කලාප ක්රීඩා නිලධාරී, ක්රීඩා නිලධාරීන් හා සේවක පිරිසගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදුවිය.














