කොළඹ හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්‍යභාර්‍ය පිළිබද ගරු නාගරික මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ කාන්තා අභිවෘද්ධිය හා මුල් ළමාවිය පිළිබඳව ස්ථාවර කමිටුවේ යෝජනාව පරිදි කොළඹ හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්‍යභාර්‍ය පිළිබද ගරු නාගරික මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026.08.19 දින නගර ශාලාවේ සපිරි පියස හිදී පැවැත්විණ. මෙය ගරු නගරාධිපතිනියගේ උපදෙස් හා මග පෙන්වීම මත කාන්තා හා ළමා කමිටු ගරු සභාපතිතුමාගේ මූලිකත්වයෙන් සිදු කරන ලද අතර මෙම අවස්ථාව ට කොළඹ හා තිඹිරිගස්යාය සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ද එම කාර්යාලන්හි ක්ෂේත්‍ර නිලධාරින් ද සහභාගී විය.

මහජන ආධාර දෙපාර්තමේන්තුවේ පුණ්‍ය කොමසාරිස් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.