“ගිනි ආරක්ෂණ හා මෙහෙයුම් කුසලතා සංවර්ධනය ” පිළිබඳ පුහුණු වැඩසටහන

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවීම් සේවා නිලධාරීන්ගේ ගිනි වැළැක්වීම පිළිබද නවීන තාක්ෂණික ප්‍රවණතා හා සංවර්ධනයන්ට අනුකූලව යාවත්කාලීන කිරීම මූලික අරමුණ කරගනිමින්, පුහුණු වැඩසටහනක් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී.

මේ සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 25 දෙනෙකු සහභාගී වූ අතර, පුරා දින 10ක කාලසීමාවක් තුල ඔවුහු මහත් උනන්දුවකින් හා කැපවීමකින් යුතුව පුහුණු වැඩසටහන සඳහා සහභාගී වූහ.

මෙහිදී ගිනි හැසිරීම් (Fire Behavior), ගිනි නිවීමේ මෙහෙයුම් ක්‍රම, සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම්, හා ගිනි නිවන නිලධාරීන්ගේ ආරක්ෂාව හා අවදානම් කළමනාකරණය පිළිබඳවද දැනුම හා කුසලතා ලබා දෙන ලදී.

 මෙම වැඩසටහන කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඒ.ඩී.එස්. රෝහණ මහතාගේ නිරන්තර මඟපෙන්වීම යටතේත්, මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සප්තා ලැනරෝල් මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය යටතේත්, මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තිය මත සාර්ථකව ක්‍රියාත්මක කරන ලද අතර මෙහි සම්පත්දායකත්වය Elite Facilities Solutions ආයතනයේ ප්‍රධාන ගිනි ඉංජිනේරු (රක්ෂණ හා පරිපාලන) නිමල් තිස්ස විජේතුංග මහතා විසින් ලබා දෙන ලදී.