කොළඹ මහා නගර සභාවේ සිමෙන්ති හා කොන්ක්රීට් ක්ෂේත්රය ආශ්රිතව සේවයේ නියුතු තාක්ෂණ නිලධාරීන්, වැඩ ක්ෂේත්ර පරිපාලකවරුන් සහ කනිෂ්ඨ සේවකයන්ගේ දැනුම හා ප්රායෝගික කුසලතා වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් “සිමෙන්ති හා කොන්ක්රීට් තාක්ෂණය” පිළිබඳ පුහුණු වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී.
මෙම පුහුණු වැඩසටහන 2026.09.04 වන දින පෙ.ව. 08.30 සිට ප.ව. 02.00 දක්වා මාදම්පිටිය කාර්මික පුහුණු ස්ථානයේදී පැවැත්වුණු අතර, සේවකයන් 46 දෙනෙකු පමණ සහභාගී වූහ. එහිදී සිමෙන්ති හා කොන්ක්රීට් වර්ග හා ඒවායේ භාවිතය, කොන්ක්රීට් මිශ්රණ අනුපාත හා සකස් කිරීම, කොන්ක්රීට් ශක්තිය හා ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම, කොන්ක්රීට් නඩත්තුව හා දෝෂ හඳුනාගැනීම ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳ න්යායාත්මක හා ප්රායෝගික දැනුම ලබා දෙන ලදී.
කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඒ.ඩී.එස්. රෝහණ මහතාගේ නිබඳ මඟපෙන්වීම යටතේත්, මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සප්තා ලැනරෝල් මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය යටතේද, මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ටෝකියෝ සිමෙන්ති සමාගම (ලංකා) පී.එල්.සී. එක්ව මෙම පුහුණු වැඩසටහන සාර්ථකව සංවිධානය කරන ලදී.





