ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 162 වන ජන්ම දින සැමරුම් උත්සවය - 2026 සැප්තැම්බර් 17

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 162 වන ජන්ම දින සැමරුම් උත්සවය පෙර වර්ෂවලදී මෙන්ම මෙවරත්, විහාරමහාදේවී උද්‍යානයේ පිහිටි ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දක්වීම කොළඹ මහා නගර සභාව හා ශ්‍රී ලංකා මහාබෝධී පදනම එක්ව සැප්තැම්බර් මස 17 වන දින පෙ. ව. 8.30 ට සිදුකරන ලදී.

මෙම  අවස්ථාවට ශ්‍රී ලංකා මහාබෝධී සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමි, උප සභාපති පූජ්‍ය තිනියාවල පාලිත හිමි, කොළඹ මහා නගර සභාවේ ගරු නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මැතිතුමා,ගරු නාගරික මන්ත්‍රී, ඩී.ජී. සිරිමෙවන් ආටිගල මහත්මා, නාගරික ලේකම් නදීකා දමයන්ති මහත්මිය ඇතුළු නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහාබෝධී පදනමේ නිලධාරීන් සහභාගී විය.