ලෝක ලාඳුරු දිනය 2019

ලෝක ලාඳුරු දිනය නිමිතිකොට ගෙන සෞඛ්‍ය අමාත්‍යංශය, කොළඹ මහා නගර සභාව සහ ෆෙයාමෙඩ් පදනම එක්ව සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් 2019.02.07 දින කොළඹ මහා නගර සභාවේදී පැවත් වුණි.

මේ සඳහා කොළඹ මහා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම්. ඉක්බාල් මහතා, කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා, ලාඳුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ඇතුලු නිලධාරීන් සහභාගී වූ අතර ලාදුරු රෝගීන් “වෙන් නොකරමු හා කොන් නොකරමු” යන තේමාව යටතේ මෙම මාධ්‍ය හමුව පැවැත් වුණි.